මඳසරුභාවය අද ඉතා විශාල වශයෙන් ප්‍රචලිත වී ඇති ගැටලුවක් බව පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි මත කිව හැකි ය. එම නිසා මෙම බ්ලොග් අඩවිය මඟින් මඳ සරුභාවය එයට හේතුවන කරුණු, එහි ස්වභාවය වැනි බොහෝ කරුණු ද, මඳසරුභාවයට සිදු කළ හැකි නොයෙකුත් ප්‍රතිකර් ම ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මඳසරුභාවය එහි ස්වභාවය අනුව ප්‍රධාන කොටස් තුනකට වෙන් කළ හැකි ය. 1. පුරුෂ මඳසරුභාවය Male Subfertility 2. ස්ත්‍රී මඳසරුභාවය Female Subfertility 3. පැහැදිලි හේතුවක් නොමැති මඳසරුභාවය Unexplained Subfertility මෙම පුරුෂ මඳසරුභාවය තවත් නොයෙක් ආකාරයේ අංශවලට බෙදෙන අතර, එහිදී පුරුෂ මඳසරුභාවය විශාල වර් ගීකරනයකට ලක් කෙරේ. ශුක්‍රාණු සංඛ්‍යාව, එහි රූපමය ස්වභාවය, ක්‍රියාකාරීත්වයේ විවිධ ආකාර මේ සඳහා උපයෝගී කර ගැනේ. ඊට අමතර වෙනත් හේතු මතද පුරුෂ මඳසරුභාවයේ ස්වභාවය විවිධ විය හැකි ය. ස්ත්‍රී මඳසරුභාවය ද නොයෙක් ආකාරයෙන් වර් ගීකරනයට ලක් කළ හැකි ය. මේ සඳහා ද හෝමෝනවල බලපෑම, ඩිම්බවල වර් ධනයේ ස්වභාවය, මේරීමේ දී ඇතිවන ගැලු ආදිය සැලකිල්ලට ගත හැකි ය. මඳසරුභාවයට ප්‍රතිකාර කිරීමේදී මෙම විවිධත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. ඉදිරියේදී නොයෙක් ආකාරයේ සජීව උදාහරණ මාර් ගයෙන් මඳසරුභාවය හා එයට සිදු කළ හැකි ප්‍රතිකාර පිළිබඳ විශාල දැනුමක් ඔබ වෙත ගෙන ඒමට මෙම බ්ලොග් අඩවිය සැලසුම් කර ඇත. එහි දී, නොයෙක් ආකාරයෙන් සරුභාවය වන හානි පිළිබඳ හා එවැනි හානි වළකා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් වෙමු.

Comments